තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙකු කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් ප්‍රහරදී ඝාතනය කර තිබෙනවා.

ලැබුණු ඇමතුමකට අනුව ඊයේ (11 ) පස්වරුවේ නිවසින් පිටව ගොස් තිබූ මෙම තරුණයාට එහිදී කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි සඳහන්.

ඔහු මෙහිදී ආරක්ෂාව සඳහා පාතේගම ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති අතර ඔහු පසුපස හඹා පැමිණි පිරිස එම නිවසේ ඉදිරි දොර කඩා නිවසට ඇතුළුවී එම තරුණයාට තියුණු ආයුධයකින් බරපතළ ලෙස පහරදී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම පහරදීම සඳහා පුද්ගලයන් 6ත් 8ත් අතර පිරිසක් පැමිණි ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය සහ වැලිගම පොලිසිය එක්ව පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18