spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙකු කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් ප්‍රහරදී ඝාතනය කර තිබෙනවා.

ලැබුණු ඇමතුමකට අනුව ඊයේ (11 ) පස්වරුවේ නිවසින් පිටව ගොස් තිබූ මෙම තරුණයාට එහිදී කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි සඳහන්.

ඔහු මෙහිදී ආරක්ෂාව සඳහා පාතේගම ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති අතර ඔහු පසුපස හඹා පැමිණි පිරිස එම නිවසේ ඉදිරි දොර කඩා නිවසට ඇතුළුවී එම තරුණයාට තියුණු ආයුධයකින් බරපතළ ලෙස පහරදී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම පහරදීම සඳහා පුද්ගලයන් 6ත් 8ත් අතර පිරිසක් පැමිණි ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය සහ වැලිගම පොලිසිය එක්ව පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?