නව තානාපතිවරුන් 3 දෙනෙකු පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

නව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

ඒ අනුව, ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇති අතර, බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මියගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිවී තිබෙනවා.

ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේ.කේ.තෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමටයි උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ විජිත හේරත් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00