AFC Banner
AFC Banner
Empty Ad

නව තානාපතිවරුන් 3 දෙනෙකු පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

නව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

ඒ අනුව, ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇති අතර, බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මියගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිවී තිබෙනවා.

ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේ.කේ.තෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමටයි උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ විජිත හේරත් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?