ආදර්ශාගේ ඇප අයදුම්පත අධිකරණයෙන් ඉවත දමයි

ජනාධිපතිගේ හිටපු දේශපාලන උපදේශක ආශූ මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ආදර්ශා කරඳන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඇය සිය ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබුණා.

අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

මැය අත්අඩංගුවට පත්වූවවොත් මැයගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බැවින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඇය අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

ආශු මාරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන බැවින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදා හැරියොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34