ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ නිමා වූ විස්සයි විසස තරඟාවලියේ වැඩිම බලපෑමක් එල්ල කළ ක්රීඩකයා ලෙස ඉන්දීය දඟ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක අක්සාර් පටෙල් නම්කර තිබෙනවා.
ප්රසිද්ධ ක්රීඩා පුවත් වෙබ් අඩවියක් වන ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසිනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
අක්සාර් පටෙල්ට අමතරව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කළ ක්රීඩක ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ ක්රීඩකයින් 06 දෙනෙකු රැඳී සිටීම විශේෂත්වයක්.
මෙහි දෙවන ස්ථානය ශ්රී ලංකා නායක දසුන් ශානකට හිමිව ඇති අතර, තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදෙව් හටයි.
ශිවම් මවී, උම්රාන් මලික් සහ කසුන් රාජිත එහි හතර, පහ, හය යන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.
එම ලැයිස්තුවේ ඉතිරි ස්ථාන හතරේ පිළිවෙලින් ශ්රී ලංකා ක්රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, දිල්ෂාන් මධුසංක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්නට හිමිව තිබෙනවා.














