මත්පැන් අලෙවිය 50%කින් අඩු වෙද්දී – සුරාබදු ආදායම ඉහළ ගිහින්

බදු ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් අලෙවිය සියයට 50කින් පමණ පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එවන් පසුබිමක වුව ද ඉකුත් 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ දී සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව 2021 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේ (2022) සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් එනම් බිලියන 27කින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ දී එම ආදායම රුපියල් කෝටි 13,800ක් හෙවත් බිලියන 138ක් වන අතර, පසුගිය 2022 වසරේ දී සුරාබදු ආදායම දක්වෙන්නේ රුපියල් කෝටි 16,500ක් හෙවත් බිලියන 165ක් ලෙසයි.

ඒ, අනුව 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේදී සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් 2022 වසර තුළ සුරාබදු මඟින් රුපියල් කෝටි 18,500 ක ආදායමක් හෙවත් බිලියන 185ක අදායමක් ඉපයීම ඉලක්කය වී තිබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහෙත් රටේ ඇති වූ ආර්ථික කඩාවැටීම ඇතුළු තවත් කාරණා කිහිපයක් හේතුවෙන් එම ඉලක්කයට යෑමට නොහැකි වූ බව ද එම දෙපාර්තමේන්තු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32