spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් අලෙවිය 50%කින් අඩු වෙද්දී – සුරාබදු ආදායම ඉහළ ගිහින්

බදු ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් අලෙවිය සියයට 50කින් පමණ පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එවන් පසුබිමක වුව ද ඉකුත් 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ දී සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව 2021 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේ (2022) සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් එනම් බිලියන 27කින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ දී එම ආදායම රුපියල් කෝටි 13,800ක් හෙවත් බිලියන 138ක් වන අතර, පසුගිය 2022 වසරේ දී සුරාබදු ආදායම දක්වෙන්නේ රුපියල් කෝටි 16,500ක් හෙවත් බිලියන 165ක් ලෙසයි.

ඒ, අනුව 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේදී සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් 2022 වසර තුළ සුරාබදු මඟින් රුපියල් කෝටි 18,500 ක ආදායමක් හෙවත් බිලියන 185ක අදායමක් ඉපයීම ඉලක්කය වී තිබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහෙත් රටේ ඇති වූ ආර්ථික කඩාවැටීම ඇතුළු තවත් කාරණා කිහිපයක් හේතුවෙන් එම ඉලක්කයට යෑමට නොහැකි වූ බව ද එම දෙපාර්තමේන්තු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?