කටුනායකදී අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරිකයාට ඇප

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන අතර ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද ඩුබායි සිට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ලියකියවිලි පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවටයි.

එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදු වනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ලිඛිත දැන්වීමක් ඉදිරිපත් කර අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළවලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම අනුවයි.

සැකකරු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය ඉදිරිපිට අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් මෙම අත් අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයක් දැක්වීම ද සිදු කෙරුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි.

පැමිණිල්ල නැවත ලබන 09 වනදා කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03