පවුල්වල ගෞරවය රැකගන්න පාකිස්ථානයේ  417 දෙනෙකු බිලි අරන් – ඝාතනවලට හේතුව අවනීතිය සහ නූගත්කම බවට චෝදනා

ගෞරවය අරඹයා සිදු කෙරෙන ‘ගෞරවනීය ඝාතන’ හේතුවෙන් පාකිස්ථානුවන් 417 දෙනෙකුට 2022 වසරේ දී සිය ජීවිත අහිමි වී තිබෙනවා.

නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත්පත වාර්තා කළේ මෙම ‘ගෞරවනීය ඝාතන’වලට  ප්‍රධානතම හේතුව අවනීතිය සහ නූගත්කම බවයි.

එලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයන් 417 දෙනා අතරින් 15ක් පුරුෂයන් වන අතර 265 දෙනෙකුම කාන්තාවන් බව ද එම පුවත්පත වාර්තා කර තිබෙනවා.

පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ ගෞරවනීය ඝාතන සිද්ධීන් 152ක් පමණ මෙම වසරේ දී වාර්තා වී තිබුණා.

සිදුවීම් 96ක් සමඟින් සින්ද්  පළාත දෙවන ස්ථානයේ පසු වනවා.

කයිබර්-පක්තුන්ක්වා ප්‍රදේශයෙන් ගෞරවනීය ඝාතන සිද්ධීන් 42ක්, බලුකිස්තානයෙන් 21ක්, ගිල්ගිට්-බල්ටිස්තානයෙන් එකක් සහ ඉස්ලාමාබාද් ප්‍රදේශයෙන් එකක් වාර්තා වී ඇති බව ද නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තා කරනවා.

පාකිස්ථාන මානව හිමිකම් කොමිසමේ සින්ද් පළාතේ උප සභාපති කාසි කිසාර් කරච්චිහි දී පැවසුවේ, 2022 වසරේ මේ දක්වා ගෞරවනීය ඝාතන සිදුවීම් 21ක් තම බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.

අවනීතිය, අඩු සාක්ෂරතා අනුපාතය සහ වැඩවසම් ක්‍රමය යටතේ බලගතු වැඩවසම් ස්වාමිවරුන් ගෝත්‍රික සම්ප්‍රදායන් නාමයෙන් සමාජය ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ඇති බවත් ගෞරවනීය ඝාතන සිදුවීමට හේතුව එය බවත් ඔහු ප්‍රකාශ කළා .

පාකිස්ථාන සමාජය තුළ සිදුවන මෙවැනි  සාහසික අපරාධවලට යම් පිළිගැනීමක් තිබීම පිළිබඳ උප සභාපති කාසි කිසාර් කනගාටුව පළකර තිබුණා.

මෙවැනි නඩු වාර්තා වූ ප්‍රදේශවල පදිංචිකරුවන් පවා එය අපරාධයක් ලෙස නොසලකන අතර ඝාතකයන් ද ඒ සම්බන්ධයෙන් ආඩම්බර වන බව කාසි කිසාර් එම පුවත්පත වෙත ප්‍රකාශ කර තිබුණා.

පවුලේ ගෞරවය වෙනුවෙන් මිනිසුන් කාන්තාවන් මරා දැමීමට කටයුතු කළ ද වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයන් පවා නිසි පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ගැටලුවක් වී තිබෙනවා.

එවැනි නඩු විභාග කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම හදිසි අවශ්‍යතාවක් බවයි කාසි ප්‍රකාශ කළේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, ඇසිඩ් ප්‍රහාර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාර විවාහ ඇතුළු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පාකිස්ථානය පුරා  පවතින බරපතල ගැටලුවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29