ඉන්ධන ගැන රුසියාවෙන් අනතුරු ඇගවීමක්

G7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා එකඟ වූ මිල සීමාව පනවන කිසිම රටකට හෝ සමාගමකට බොරතෙල් අලෙවි නොකරන බව රුසියාව පවසනවා.

රුසියානු බොරතෙල් සඳහා මිල සීමාව පසුගිය 5 වැනිදා ක්‍රියාත්මක වූ අතර ඒ අනුව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 60 කට වඩා නොගෙවිය යුතු බවටයි ජී7 සාමාජික රටවල් එකඟ වූයේ.

රුසියානු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මෙම තහනම පනවා ඇති අතර පෙබරවාරි 1 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා මාස පහක කාලයක් තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තහනමට අයත් වන රටවල්වලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබා දෙන විශේෂ අවසරයක් මත පමණක් බොරතෙල් මිලදී ගත හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

යුක්රේන යුද්ධය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බොරතෙල් විකිණීමෙන් ලැබෙන අදායම යොදා ගැනීම හේතුවෙන් G7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා මිල සීමාවක් පැනවීමට තීරණය කළා.

G7 විසින් පනවා ඇති රුසියානු තෙල් මිල සීමාව පිළිගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙම තීරණය මගින් ඉන්දියාවට බලපෑමක් සිදුවන්නේ නැහැ.

සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන විශාලතම තෙල් අපනයනකරු රුසියාව ලෙසටයි සැලකෙන්නේ.

බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක වලක්වා ගැනීම සඳහා රුසියාව සිය තෙල් චීනය සහ ඉන්දියාව වැනි රටවලට සියයට 40-50 අතර අඩු මිලකට අලෙවි කරනවා.

මීට අමතරව, බටහිර මිල සීමාවෙන් පසුව පවා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට ද රුසියාව කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?