spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගැන රුසියාවෙන් අනතුරු ඇගවීමක්

G7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා එකඟ වූ මිල සීමාව පනවන කිසිම රටකට හෝ සමාගමකට බොරතෙල් අලෙවි නොකරන බව රුසියාව පවසනවා.

රුසියානු බොරතෙල් සඳහා මිල සීමාව පසුගිය 5 වැනිදා ක්‍රියාත්මක වූ අතර ඒ අනුව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 60 කට වඩා නොගෙවිය යුතු බවටයි ජී7 සාමාජික රටවල් එකඟ වූයේ.

රුසියානු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මෙම තහනම පනවා ඇති අතර පෙබරවාරි 1 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා මාස පහක කාලයක් තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තහනමට අයත් වන රටවල්වලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබා දෙන විශේෂ අවසරයක් මත පමණක් බොරතෙල් මිලදී ගත හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

යුක්රේන යුද්ධය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බොරතෙල් විකිණීමෙන් ලැබෙන අදායම යොදා ගැනීම හේතුවෙන් G7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා මිල සීමාවක් පැනවීමට තීරණය කළා.

G7 විසින් පනවා ඇති රුසියානු තෙල් මිල සීමාව පිළිගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර ඇති බැවින් මෙම තීරණය මගින් ඉන්දියාවට බලපෑමක් සිදුවන්නේ නැහැ.

සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන විශාලතම තෙල් අපනයනකරු රුසියාව ලෙසටයි සැලකෙන්නේ.

බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක වලක්වා ගැනීම සඳහා රුසියාව සිය තෙල් චීනය සහ ඉන්දියාව වැනි රටවලට සියයට 40-50 අතර අඩු මිලකට අලෙවි කරනවා.

මීට අමතරව, බටහිර මිල සීමාවෙන් පසුව පවා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට ද රුසියාව කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?