චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එරට කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙනුයි. මෙහිදි දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් වයෝවෘද්ධ පුද්ගලයින් බවයි එරට මාධ්‍ය පවසන්නේ.
කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින පිරිසත් වැඩි බව චීන බලධාරින් පවසනවා. මේවනවිට චිනයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ද කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව වාර්තාවනවා. චීන බලධාරින් පවසන්නේ ලබන ජනවාරි මාසය එරට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පත්වනු ඇති බවයි.පසුගිය සතියේ එක් දිනකදී පමණක් එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන 37කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





