අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 39 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවා.
අධික ශීත කාලගුණ තත්ත්වය සහ හිම කුණාටුව හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවද අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වයක් නිසාවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. කැනඩාවේ මෙරිට් නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබෙනවා. හිම කුණාටුව කැනඩාවේ සිට දකුණට රියෝ ග්‍රෑන්ඩ් දක්වා ගමන් කරන අතර ඉදිරි දින කිහිපය තුළ කුණාටු තත්ත්වය ඉවත්ව යනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරනවා.සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට තිබු අතර එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.





