මන්ත්‍රීවරුන් 107කගෙන් ජනපතිට ලිපියක්

පසුගිය සමයේ රට පුරා සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසට මන්ත්‍රීවරුන් 107 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වාදී ඇත්තේ අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයාට මේවන විට යොමුකර ඇති බවයි.

අදාළ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම කමිටුව පත්කර තිබුණා.

එම කමිටුව මගින් ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අතර මන්ත්‍රීවරුන් යොමු කළ ලිපියේ දැක්වෙන්නේ එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත මේවන විට යොමුකර ඇති බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුලු පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වූ අතර මන්ත්‍රීවරුන්ගේ නිවාස මෙන්ම දේපළ ගිනි තැබීම් සහ විනාශ කිරීම් රාජ්‍ය දේපළ හානි කිරීම සහ විනාශ කිරීම වළක්වාලීමට එවකට සිටි පොලිසිය සහ හමුදා ප්‍රධානීන් අසමත් වූ බවයි මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලුදෙනාට තරාතිරම නොබලා නීතිය අනුව දඩුවම් ලබාදෙන ලෙසටයි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ විමර්ශන කමිටුවේ සභාපතිවරයා ලෙසට හිටපු නාවික හමුදාපතිවරයෙක් වන වසන්ත කරන්නාගොඩ පත්කර තිබුණා.

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපතිවරයෙක් වන දයා රත්නායක එහි සෙසු සාමාජිකයන් වුණා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට හානි කිරීම, ජනාධිපති මැදුර ඇතුලු රාජ්‍ය ආයතන රැසක් අරගලකරුවන් විසින් අත්පත්කර ගැනීම මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම පිළිබඳව ද මෙහිදී විමර්ශනයට ලක්ව තිබෙනවා.

අදාළ වාර්තාව සභාගත කරන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඇතුළුව මන්ත්‍රීවරුන් 107 දෙනෙකු යොමු කළ මෙම ලිපියට ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී උදය ගම්මන්පිල ද අත්සන් තබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46