ඉදිරි සතියේ දී චීනයේ බීජිං නුවර කොවිඩ් තත්ත්වය උච්චවීමේ අවදානමක් – චීනය සැබෑ දත්ත හෙළි නොකරන බවටත් චෝදනාවක්

රෝගයේ බරපතලකම අවතක්සේරු කිරීම හේතුවෙන් එළඹෙන සතියේ දී චීනයේ බීජිං නුවර කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

රෝග ලක්ෂණ සහිත නව රෝගීන් 4000කට ආසන්න ප්‍රමාණයක් ඊයේ වන විට රටපුරා වාර්තා වී තිබූ අතර මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරන්නේ එළඹෙන සතියේ වන විට චීනයේ බීජිං නුවරින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ උච්චතම අවස්ථාව සනිටුහන් වනු ඇති බවයි.

චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය විසුරුවා හැරීමට පටන් ගනු ලැබුවේ මේ මස කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ යමින් තිබියදීයි.

චීනය සිදුකළ සීමා කිරීම් හමුවේ එරට ආර්ථික වර්ධනය පහළ ගොස් අඩ සියවසකට ආසන්න කාලයක් තුළ එරටින් වාර්තා වූ ආර්ථිකයේ අඩුම වර්ධන වේගය සටහන් වී තිබුණා.

එය ගෝලීය සැපයුම්දාමයට සහ වෙළඳාමට ද බලපෑම් එල්ල කළා.

ඕස්ට්‍රේලියානු ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරන්නේ චීනයේ වැඩකරන ජනතාව වැඩි වශයෙන් රෝගී වීම හේතුවෙන් ලබන වසරේ අග භාගයේදී ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමට පෙර කෙටි කාලීන ගැටලු මතුවිය හැකි බවයි.

චීනයේ වත්මන් කොවිඩ් තත්ත්වය සැළකීමේ දී දෙසැම්බර් 21 වන දින වන විට රෝගීන් 2,352 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ 56,880 දෙනෙකු වෛද්‍ය නිරීක්ෂණවලින් නිදහස් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණා.

මේ අතර චීනයේ ආසාදන දිනකට මිලියනයකට වඩා වැඩි විය හැකි බවත් දිනකට මරණ 5000 ට වඩා වැඩි බවත් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය දත්ත ආයතනයක් වන එයාර්ෆිනිටි ආයතනය ප්‍රකාශ කළා.

ඒ චීනයේ කලාපීය පළාත්වලින් ලබාගත් දත්ත පරීක්ෂා කිරීමෙන් පසුවය.

එම දත්ත වලට අනුව දැනට බීජිං සහ ගුවැන්ඩොං හි කොවිඩ්  ආසාදිතයින් ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

එයාර්ෆිනිටි ඇස්තමේන්තුවට අනුව ජනවාරියේ ආසාදිතයින් වාර්තාවීමේ උපරිමයකදී දිනකට මිලියන 3.7ක සහ 2023 මාර්තු මාසයේ දී දිනකට මිලියන 4.2ක අනුපාතයකින් ආසාදිතයින් වාර්තා විය හැකියි.

එයාර්ෆිනිටි හි එන්නත් සහ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය ලුයිස් බ්ලෙයාර් පවසන්නේ චීනය කොවිඩ් සම්බන්ධ පුළුල් පරීක්ෂණ නතරකර තිබීම හේතුවෙන් නිල දත්ත නොලැබීම ගැටලුවක් බවයි.

ශ්වසන අකර්මන්‍යතාවයෙන් හෝ නියුමෝනියාවෙන් මිය යන අය පමණක් ඇතුළත් කිරීමට කරන ලද තීරණයත් සමඟ චීනය ද කොවිඩ්-19 මරණ වාර්තා කරන ආකාරය වෙනස් කර තිබෙනවා.

එමඟින් එරටින් වාර්තා වන සැබෑ කොවිඩ්  ආසාදිත මරණ සංඛ්‍යාව සැඟවී යන බවයි එයාර්ෆිනිටි ආයතනයේ පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29