විදුලි බිල්පත වෙනුවට කෙටි පණිවුඩයක්

ලබන 2023 වසරේ ජනවාරි මාසයේ සිට විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල්පත වෙනුවට දුරකථනයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් බිල්පත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය මේවන විට යාවත්කාලීන කරමින් පවතින බවයි.

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත දුරකතනයට යොමු කිරීමේ වැඩසටහන කොළඹ ද ඇතුලු නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ 2023 වසරේ ජනවාරි මාසයේ සිට යළිත් විදුලි බිල සංශෝධනයක් සිදු කරන බවයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල නැවත ඉහළ දැමීමට පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

මෙම ගාස්තු සංශෝධනයට අවශ්‍ය නීතිමය බලය ලැබී ඇති අතර එය නීතිපතිවරයා විසින් ද තහවුරු කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

විදුලි බිල වැඩි විය යුතු ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලබන සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට විදුලිබිල වැඩි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59