කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග චීනයේ බීජිං නුවර රෝහල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.
කාර්ය මණ්ඩල හිඟය පිළිබඳ ගැටලුවකට ද මුහුණ දෙමින් සිටින එම රෝහල් වෙත එක්වරම රෝගීන් පැමිණීම වැඩි වී ඇත්තේ රට දැඩි වසංගත පාලනයන්ගෙන් මිදී වෛරසය සමඟ ජීවත් වීමට තීරණය කරසතියක් ඉක්ම යන්නටත් පෙරයි.
අඟහරුවාදා උදෑසන වන විට බීජිං නගරයෙන් ආසාදිතයින් 1,027 ක් පමණක් වාර්තා වී තිබුණා.
නමුත්, ආසාදිතයින් සමග වාසය කරන නිවැසියන්ට PCR පරීක්ෂණ සිදු කිරීම හෝ ඔවුන්ගේ ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා කිරීම අනිවාර්ය කර නැහැ.
ඒ අනුව රෝගීන්ගේ සැබෑ ප්‍රමාණයත තව දුරටත් ඉහල යා හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.
සෞඛ්‍ය පද්ධතිය සුණු විසුණු කරමින් ප්‍රජාව තුළ වසංගතය පැතිර යෑම හේතුවෙන් යළිත් දැඩි ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියට චීනයට යොමුවීමට සිදු වනු ඇති බවටද සැක පළ වී තිබෙනවා .
බීජිං හි රෝහල් මෙවැනි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත්තේ කොවිඩ් පාලනයට ආදාළ දැඩි නීති රීති එරට රජය විසින් පසුගිය සතියේ වඩාත් ලිහිල් කිරීමත් සමගයි.





