පෙම්වතා සමඟ ඇති වූ ආරවුලෙන් පසු ගෙළ වැලලාගෙන දිවි තොරකරගත් 21 පෙම්වතිය

සිය පෙම්වතා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් 21 හැවිරිදි තරුණියක් ගෙළ වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ ඊයේ (18) දින වේයන්ගොඩ, දංවිලාන ප්‍රදේශයේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

අදාළ තරුණියට වෙනත් තරුණයෙකු සමඟ අනියම් සම්බන්ධයෙන් ඇති බවට පවසමින් පෙම්වතා විසින් සිදුකළ චෝදනාවක් මත දෙදෙනා අතර මෙම ආරවුල ඇතිව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එයට සිත් තැවුලට පත් අදාළ තරුණිය සිය නිවසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සියදිවි නසාගැනීමට පෙර ඇය ඒ බව කෙටි පණිවුඩයක් මඟින් පෙම්වතාට දැනුම් දී ඇති අතර, සියදිවි නසාගැනීමට තොණ්ඩුව සකසා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද පෙම්වතාට යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම පණිවුඩයත් සමඟ කලබලයට පත් වූ පෙම්වතා ඒ පිළිබඳව සොයා බැලීමට පෙම්වතියගේ නිවසට ගොස් ඇති අතර, එහිදී සිය පෙම්වතියට කතාකර ඇති අතර එහිදී ඇය කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉන් අනතුරුව පෙම්වතා විසින් වහලයෙන් නිවස තුළට ඇතුළු වී ඇති අතර, එහිදී ඔහුට දැක ගැනීමට හැකිව ඇත්තේ සිය පෙම්වතිය වහලයේ බාල්කයක එල්ලී සිටින ආකාරයයි.

පසුව පෙම්වතා විසින් ගෙළ වැළලාගෙන සිටි සිය පෙම්වතිය ඉන් මුදාගෙන තවත් මිතුරෙකු සමඟ යතුරුපැදියකින් ඇයව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

යතුරුපැදියෙන් ඇය රෝහල වෙත රැගෙන යන අතරතුර ඇය මියගොස් ඇති බව දැනගැනීමන් පසු පෙම්වතා ඇයව පාළු වත්තකට දමා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව 23 හැවිරිදි පෙම්වතා වේයන්ගොඩ පොලිසිය පැමිණ මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ වේයන්ගොඩ පොලිසිය මඟින් සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02