අද දැයෙන් සමුගන්නා නිහාල් නෙල්සන්

අද (16) මොරටුව – සොයිසාපුර මහල් නිවාස සංකීර්ණ ක්‍රීඩාංගණයේ දී අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

අවුරුදු 76ක් ආයු වැලදු එතුමා නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා සහ තරංග නෙල්සන් පුතනුවන්ගේ පියානන්ද වේ.

නිහාල් නෙල්සන් ලාංකීය ගීත කලාව තුළ සුවිශේෂී සටහනක් තැබූ ගායන ශිල්පියෙකු වන්නේ පොදු සමාජ මතවාදයන්, අත්දැකීම් සහ ලාංකීය සංස්කෘතියේ වටිනාකම් පිළිබඳව සරල බසකින් ගී ගැයීම නිසාවෙන්.බොහෝ ගීත ඔහු විසින්ම නිර්මාණය කර ඉදිරිපත් කළ අතර, ඒවා මෙරට රසිකයින් ආදරයෙන් වැළඳ ගත්තා.

බයිලා ගීත ගායකයෙකු ලෙස කරළියට පැමිණි ඔහු 1946 වසරේදී මොරටුවේ වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ජී.ඩී. හෙන්ද්‍රික් සහ ඉංග්‍රීසි ගුරුවරියක වූ හේමා වීරවර්ධන යුවලට දාව පවුලේ එකම දරුවා ලෙස උපත ලැබුවා.රාවතාවත්ත රෝමානු කතෝලික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ නිහාල් නෙල්සන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මොරටුව විද්‍යාලයට පිවිසියා.

මොරටුව රාවතාවත්ත රෝමාණු කතෝලික මිශ්‍ර පාසලේ සහ මොරටු මහා විද්‍යාලයේ ශිල්ප හැදෑරූ කාලයේ පටන් කවි ගීත ගැයූ නිහාල් නෙල්සන්ට එක්තරා දිනෙක මංගල උත්සවයකදී ඒ. ජේ. කරීම් ප්‍රවීණ ගායන ශිල්පියා හමුවිය. එම මංගල සාදයේදී නිහාල් ගී ගැයුවේ කරීම්ගේ සංගීතයටය.

නිහාල් කෙරෙහි පැහැදුණු කරීම් කැන්ඩ් ලේක් ක්ලබ්හි ප්‍රසංගවල ගී ගයන්නට ඔහු කැඳවාගෙන ගියේය. එම ප්‍රසංගවල නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකරයන් ය. ඔහු නිහාල්ට ගුවන් විදුලියේ ගී ගයන්නට ඉඩකඩ විවර කර දුන්නේය. ඒ අනුව ලස්සනට පිපුණ ගීය ගැයිණි. ඒ 1963 මාර්තු 31 දා ඒ ගීය පළමුවරට ගුවන් විදුලියේ ප්‍රචාරය විය.

මේ වන විට ජන හදවත්වල ලැගුම් ගෙන සිටින නිහාල් ගැයූ කරුණා සුවඳ තවරාලූ….. හද පිපුමේ…. මවු ගුණ ගීය, ඔරු පදින්න, සල්ලි මිටි ගණන්, ඇරපන් කරාමේ, කුක්කු කූක් කූ… වැනි ගීත රැසක් ඉතා ජනප්‍රිය විය. “ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ” ඔහු ගැයූ ඒ ගීය එකල බොහෝ සේ කතාබහට ලක්විය.

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරින් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුණේ
බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ….

නිහාල් මේ ගීය ගැයූ පසු ගවමස් කෑම අත්හැරි පිරිස ඉතා විශාලය.

ප්‍රසංග වේදිකාවේ අපරාජිතයා ලෙස හදුන්වන නිහාල් නෙල්සන් කැසට් පට 113ක් නිකුත් කර තිබෙනවා.

එය මෙරට ගායන ශිල්පියෙකු නිකුත් කළ වැඩිම කැසට් පට සංඛ්‍යාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23