කොංගෝ ජනරජයේ අගනුවර ඇතිවූ ගංවතුර හේතුවෙන් 120ක් මරුට

වසර ගණනාවකට පසු ඇති වූ දරුණුතම ගංවතුර හේතුවෙන් කොංගෝ ජනරජයේ අගනුවර පුද්ගලයන් 120කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් ධාරානිපාත වර්ෂාව නිසා සිදුවූ නායයෑම්වලට ලක්වූ කඳුකර ප්‍රදේශවල සිටි අය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙහිදී එකම පවුලේ සාමාජිකයින් නව දෙනෙකුද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය දින තුනක ජාතික ශෝක කාලයක් එරට ප්‍රකාශයට පත් කර තිබෙනවා

බොහෝ නිවාස විනාශ වී ඇති අතර නගරයේ තුනෙන් එකකට ජලය සහ විදුලියද නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?