පකිස්ථානයේ ව්‍යාපාරික විශ්වසනීයත්වය සෘණ 04%ට බසී

පවතින අභියෝගාත්මක දේශපාලන හා ආර්ථික තත්ත්වය හේතුවෙන්  පකිස්ථානයේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ විශ්වසනීයත්වය පසුගිය මාස හය තුළ සෘණ 4% දක්වා පහත වැටී තිබෙනවා.

ව්‍යාපාරික විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකය හෙවත් Business Confidence Indexහි සමීක්ෂණයට අනුව, පසුගිය වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල වාර්තා වූ පෙර පැවති සියයට 17%ක් වූ විශ්වසනීයත්වයේ ලකුණු ප්‍රතිශතය 21% කින් අඩු වී සෘණ  04% දක්වා පහත වැටී තිබුණා.

මෙම ව්‍යාපාර විශ්වසනීය දර්ශකය නිකුත් කරනු ලබන්නේ විදේශ ආයෝජකයින්ගේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OICCI) විසින්.

එහි සභාපති ඝියාස් ඛාන්  පවසන්නේ, පසුගිය මාස හය තුළ පැවති අතිශය අභියෝගාත්මක දේශපාලන හා ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී සමස්ත ව්‍යාපාරික විශ්වාසය සෘණ 4% දක්වා සැලකිය යුතු ලෙස පහත වැටීම කණගාටුවට කරුණක් නමුත් පුදුමයක් නොවන බවයි.

අගෝස්තු මාසයේදී  ඇදහැලුණු වාර්තාගත වර්ෂාපතනය මත සින්ද් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට දරුණු ගංවතුර තත්ත්වයක් පැවතීම මත ව්‍යාපාරික කටයුතු තවදුරටත් සීමා වූ බව ඔහු පෙන්වා දෙනවා.

විශ්වාසයේ පහත වැටීම අතින් ඉහළම අගය වාර්තා වී ඇත්තේ සේවා අංශයෙන් වන අතර  සිල්ලර, තොග වෙළඳාම සහ  නිෂ්පාදන අංශයෙන් ද මෙම පහත වැටීම පෙන්නුම් කර තිබෙනවා.

පාකිස්තානයේ සිදුකළ අදාළ සමීක්ෂණය සඳහා තෝරාගෙන තිබුණේ නිෂ්පාදන අංශයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 42 ක්, සේවා අංශයෙන් සියයට 33 ක් සහ සිල්ලර හා තොග වෙළඳාමෙන් සියයට 25 ක්  වශයෙන් වූ නියැදියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04