spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පකිස්ථානයේ ව්‍යාපාරික විශ්වසනීයත්වය සෘණ 04%ට බසී

පවතින අභියෝගාත්මක දේශපාලන හා ආර්ථික තත්ත්වය හේතුවෙන්  පකිස්ථානයේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ විශ්වසනීයත්වය පසුගිය මාස හය තුළ සෘණ 4% දක්වා පහත වැටී තිබෙනවා.

ව්‍යාපාරික විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකය හෙවත් Business Confidence Indexහි සමීක්ෂණයට අනුව, පසුගිය වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල වාර්තා වූ පෙර පැවති සියයට 17%ක් වූ විශ්වසනීයත්වයේ ලකුණු ප්‍රතිශතය 21% කින් අඩු වී සෘණ  04% දක්වා පහත වැටී තිබුණා.

මෙම ව්‍යාපාර විශ්වසනීය දර්ශකය නිකුත් කරනු ලබන්නේ විදේශ ආයෝජකයින්ගේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OICCI) විසින්.

එහි සභාපති ඝියාස් ඛාන්  පවසන්නේ, පසුගිය මාස හය තුළ පැවති අතිශය අභියෝගාත්මක දේශපාලන හා ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී සමස්ත ව්‍යාපාරික විශ්වාසය සෘණ 4% දක්වා සැලකිය යුතු ලෙස පහත වැටීම කණගාටුවට කරුණක් නමුත් පුදුමයක් නොවන බවයි.

අගෝස්තු මාසයේදී  ඇදහැලුණු වාර්තාගත වර්ෂාපතනය මත සින්ද් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලට දරුණු ගංවතුර තත්ත්වයක් පැවතීම මත ව්‍යාපාරික කටයුතු තවදුරටත් සීමා වූ බව ඔහු පෙන්වා දෙනවා.

විශ්වාසයේ පහත වැටීම අතින් ඉහළම අගය වාර්තා වී ඇත්තේ සේවා අංශයෙන් වන අතර  සිල්ලර, තොග වෙළඳාම සහ  නිෂ්පාදන අංශයෙන් ද මෙම පහත වැටීම පෙන්නුම් කර තිබෙනවා.

පාකිස්තානයේ සිදුකළ අදාළ සමීක්ෂණය සඳහා තෝරාගෙන තිබුණේ නිෂ්පාදන අංශයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 42 ක්, සේවා අංශයෙන් සියයට 33 ක් සහ සිල්ලර හා තොග වෙළඳාමෙන් සියයට 25 ක්  වශයෙන් වූ නියැදියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?