දියණියගේ විවාහයට ගත් ණය මුදල නොගෙ වූ කාන්තාව කපා කොටා ඝාතනය කෙරේ

42 හැවිරිදි කාන්තාවක් මහ මඟදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසනවා.

බිහාර් ප්‍රාන්තයේ, භගල්පූර් ප්‍රදේශයේ දී පසුගිය සෙනසුරාදා මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහෝදරයින් දෙදෙනෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මොහොමඩ් ෂකීල් සහ මොහොමඩ් ජුඩීන් නමැති සැකකරුවන් දෙදෙනා මූල්‍ය ආරවුලක් මත, නීලම් දේවී නමැති කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාව තම දියණියගේ විවාහය සඳහා ෂකීල් නැමැති පුද්ගලයාගෙන් ණය මුදලක් ලබාගෙන ඇති බවයි.

එම ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීමත් සමඟ කෝපයට පත්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාව පසුගිය සෙනසුරාදා දිනයේ දී සිය 14 හැවිරිදි පුත්‍රයා සමඟ වෙළඳපොලට ගොස් නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා විසින් තියුණු ආයුධවලින් ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව භගල්පූර් හි ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18
Video thumbnail
දඹුල්ල යුද හමුදා කඳවුර අසල තිබී උණ්ඩ කිහිපයක් සොයාගයි - පොලිසිය හා STF එක්ව වටේම සෝදිසි කරයි
01:32
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19