spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියණියගේ විවාහයට ගත් ණය මුදල නොගෙ වූ කාන්තාව කපා කොටා ඝාතනය කෙරේ

42 හැවිරිදි කාන්තාවක් මහ මඟදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසනවා.

බිහාර් ප්‍රාන්තයේ, භගල්පූර් ප්‍රදේශයේ දී පසුගිය සෙනසුරාදා මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහෝදරයින් දෙදෙනෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මොහොමඩ් ෂකීල් සහ මොහොමඩ් ජුඩීන් නමැති සැකකරුවන් දෙදෙනා මූල්‍ය ආරවුලක් මත, නීලම් දේවී නමැති කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාව තම දියණියගේ විවාහය සඳහා ෂකීල් නැමැති පුද්ගලයාගෙන් ණය මුදලක් ලබාගෙන ඇති බවයි.

එම ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීමත් සමඟ කෝපයට පත්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාව පසුගිය සෙනසුරාදා දිනයේ දී සිය 14 හැවිරිදි පුත්‍රයා සමඟ වෙළඳපොලට ගොස් නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා විසින් තියුණු ආයුධවලින් ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව භගල්පූර් හි ජවහර්ලාල් නේරු වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?