සප්ත කන්‍යා රක්ෂිතයේ කඳවුරු බැඳ සිටි දොස්තරලා තිදෙනෙක් සමඟ පිරිසක් අත්අඩංගුවට

සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී එහි දින කිහිපයක් කඳවුරු බැඳ සිටි වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිසි අවසර පත්‍රයක් නොමැතිව රක්ෂිතය තුළ කඳවුරු බැඳ සිටි මෙම පිරිස ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින් ඇපකරයක් මත මුදාහැරි බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලය සඳහන් කළේ.

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ ඔහුන්ගේ හිතවතුන් තිදෙනෙකු ඉකුත් (02) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම පිරිස අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

එම මෙහෙයුම අතරතුර අවසරයකින් තොරව රක්ෂිතයට ඇතුල් වී සිටි පුද්ගලයින් 06 දෙනා රක්ෂිතයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් හයදෙනා අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් ද සිටින බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මොවුන් ඇපකරයක් මත මුදාහැර ඇති අතර, මෙම හයදෙනා මේ මස (27) දින හැටන් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමතයි.

වනජීවි උද්‍යාන සහ ස්භාවික රක්ෂිතවලට ඇතුල්වීමට වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ලිඛිත අවසර පත්‍රයක් තිබිය යුතු බවත්, එසේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකුට එම රක්ෂිතවලට ඇතුල්වීමට අවසර හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49