රුසියානු ජනාධිපති පුටින් අනතුරකට ලක්වෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සතියේ මොස්කව් නුවර පිහිටි ඔහුගේ නිල නිවස තුළ ඇද වැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් මේ වනවිට එම පුවත වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් රුසියානු මාධ්‍ය කිසිවක් මෙම සිදුවීම වාර්තා කර නොතිබීම විශේෂත්වයක්.

පුටින් මොස්කව් නුවර පිහිටි නිල නිවසේ තරප්පු පෙළකින් මෙලෙස ඇද වැටී ඇති අතර, එහිදී ඔහු පියවර පහක් පමණ පහළට රූටාවිත් ඇති බව සඳහන්.

පඩි පෙළින් ඇද වැටීමෙන් ඔහු තුවාල ලබා ඇති බවයි එම වාර්තා වනල වැඩි දුරටත් දැක්වෙන්නේ.

70 හැවිරිදි වියේ පසුවන ව්ලැඩිමීර් පුටින් පිළිකා රෝගයකින් ද පෙළන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?