දූෂිත වායූ ලංකාව බිලිගනී

අපේ රටේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය පරිසර අධිකාරිය විසින් නම්කර තිබෙන දූවිලි අංශුවල ප්‍රමිති අගය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි මහතා පවසයි.

ඔහු පවසන්නේ පැය 24 ක කාලයක් තුළදී වායු කියුබික් මීටරයක තිබිය හැකි දූවිලි අංශු මයික්‍රෝ ගෑම් ප්‍රමාණය 50 ක් පමණ වන බවත් එය මේ දිනවල 75ක් දක්වා අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බවත්ය.

තවද ඔහු පැවසුවේ සෑම වසරකම නොවැම්බර් මාසයේ මැද සිට මාර්තු දක්වා ඉන්දියාවේ අහිතකර වායු දූෂණ තත්ත්වය ඉහළ යෑම නිසා එය මෙරටට බලපාන අතර මේ නිසා මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද නියමිත ප්‍රමිතීන් ඉක්මවා යන බවයි.

මේ දිනවල යාපනය,පුත්තලම,මහනුවර,කොළඹ යන නගරවල දූවිලි අංශු ප්‍රමාණය විශාල ලෙස වැඩිවී ඇති බවත් ලබන වසරේ (2023) මාර්තු මාසය වන තෙක් මෙම තත්ත්වය විටින් විට පවතින බවත් මෙම තත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණ භාවිත කරන ලෙසත්,අව් රශ්මිය පවතින අවස්ථාවන්හිදී එළිමහනේ මහන්සිවී සිදු කරන කටයුතු අවම කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21