සිඩ්නි වෙරළ තීරය නිරුවත් වෙයි (ඡායාරූප)

සිඩ්නි නගරයේ ජනප්‍රියම වෙරළ තීරය වන බොන්ඩි වෙරළ තීරය මෙම සති අන්තයේ දී නිරුවත් වෙරළ තීරයක් බවට පත් කිරීම සඳහා පසුගිය දා අවසර හිමි වුණා.

එම අවසරයත් සමඟ දහස් සංඛ්‍යාත ජනයා අද දිනයේ නිරුවතින් බොන්ඩි වෙරළ තීරයට එක්රොක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ප්‍රමුඛ ඡායාරූප ශිල්පියෙකු වන ස්පෙන්සර් ටියුනික් විසින් අද දිනයේ දී දහස් සංඛ්‍යාත නිරුවත් පිරිසක් යොදා ඡායාරූප ගැනීමේ ඉසව්වක් මෙහි දී සංවිධාන කර තිබුණා.

චර්ම පිළිකා හමුවේ වසරකදී මිය යන පිරිස් සිහි කිරීමේ අරමුණ ඇතිව බොන්ඩි වෙරළ තීරය මෙම සති අන්තයේ දී නිරුවත් වෙරළ තීරයක් බවට පත් කිරීමට මෙලෙස අවසර හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
84
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?