රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ දුම්රිය මැදිරියක ගින්නක්

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක අද (25) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් එම මැදිරියට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අලුත්වැඩියා කරමින් තිබූ මෙම මැදිරියේ වැල්ඩින් කටයුත්තක් සිදුකරමින් තිබිය දී සුළඟ සමඟ ගිනිගෙන, ගින්න මැදිරිය තුළ සම්පුර්ණයෙන් ව්‍යාප්ත වී ඇති බවයි එහි නිලධාරියෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?