ඉරාන සුරූපී නිළියන් දෙදෙනෙක් අත්අඩංගුවට

රාජ්‍ය විරෝධී මහජන උද්ඝෝෂණවලට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රමුඛ පෙළේ නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි මෙලෙස අත්අඩංගුවට ගත නිළියන් දෙදෙනා වනවා.

ඉරාන බලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී 22 හැවිරිදි මාෂා අමිනි නමැති තරුණිය පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ආරම්භ වුණා.

මාෂා අමිනි ටෙහෙරාන් අගනුවර පොලිසිය විසින් රඳවා ගනු ලැබුවේ දැඩිව පවතින හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින්.
අත්අඩංගුවට ගැනීමෙන් සිනා තුනකට පසු එනම් සැප්තැම්බර් 16 වනදා ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි යන නිළියන් දෙදෙනාම ඉරානයේ අභිචෝදක කාර්යාලයේ නියෝග මත මෙලෙස රඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  1. Where is the Human-Rights, Where is Americans standing in this matter. Where is United nations & what are they doing. Were is United Kingdom. What are they Doing about this . If a small country did this all this ass holes have things say louder.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54