රාජ්‍ය විරෝධී මහජන උද්ඝෝෂණවලට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රමුඛ පෙළේ නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි මෙලෙස අත්අඩංගුවට ගත නිළියන් දෙදෙනා වනවා.
ඉරාන බලධාරීන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී 22 හැවිරිදි මාෂා අමිනි නමැති තරුණිය පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ආරම්භ වුණා.
මාෂා අමිනි ටෙහෙරාන් අගනුවර පොලිසිය විසින් රඳවා ගනු ලැබුවේ දැඩිව පවතින හිජාබ් නීති කඩ කළ බවට චෝදනා කරමින්.
අත්අඩංගුවට ගැනීමෙන් සිනා තුනකට පසු එනම් සැප්තැම්බර් 16 වනදා ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ අතර හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි යන නිළියන් දෙදෙනාම ඉරානයේ අභිචෝදක කාර්යාලයේ නියෝග මත මෙලෙස රඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.














Where is the Human-Rights, Where is Americans standing in this matter. Where is United nations & what are they doing. Were is United Kingdom. What are they Doing about this . If a small country did this all this ass holes have things say louder.