බීමත් රියදුරෙකු නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පියා සහ 14 හැවිරිදි දියණිය

මීරිගම – පස්යාල මාර්ගයේ කොටකන්ද හංදිය ආසන්නයේ දී ඊයේ (14) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පවත් ඇත්තේ 54 හැවිරිදි කල්එලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ 14 හැවිදිරි දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පියා සහ දියණිය අනතුරට ලක්කර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දියණිය උපකාරක පංති නිමව පියා විසින් නිවසට කැඳවාගෙන එමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකර පලාගිය මෝටර් රථයේ රියදුරු පල්ලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඔහු බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පල්ලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47