තුෂාරිව මරා හෝටලයේ වැසිකිළි වළක සැඟ වූ ඝතකයා අල්ලයි

පානදුර – පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුෂාරි දිල්හානී නමැති අදාළ කාන්තාව ඝාතනය කර වැසිකිළි වළක දමා තිබිය දී පසුගිය මාර්තු මස 29 වනදා සොයාගත් අතර, ඇයගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ.

සැකකරු අදාළ කතාව ඝාතනය කළ හෝටලේ කළමනකරු ලෙස සේවය කළ තැනැත්තා වන අතර, ඔහු පොලිසියෙන් මිදීම සදහා වරින්වර පදිංචිය වෙනස් කරමින් සිට ඇති බව සඳහන්.

සැකකරු තුෂාරීගේ මළසිරුර සොයාගැනිමට පෙරදින රාත්‍රියේ හෝටල් පරිඝණක‍යේ දත්ත මකාදමා පුද්ගලික ලියකියවිලිද රැගෙන ඇඹිලිපිටිය බලා ගමන්කර ඇති බව කරුණු අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ තුෂාරි දිල්හානී නමැති කාන්තාව ඝාතනයට දින කීපයකට පෙර හදුනාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

පසුව කඩවත ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලවක සිට පානදුර හෝටලයකට ඇය කැඳවාගෙන ඇවිත් එහි කාමරයක රඳවා සැකකරු තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ වරින්වර ඇය සමග එකට සිට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

පසුව කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර වැසිකිළිවලට දමා එය වසා කාන්තාවගේ ගමන් බෑගය මුහුදු වෙරළට ගොස් පුළුස්සා දැමූ බවයි සැකකරුපවසා ඇත්තේ.

ඝාතනයට ලක්වූ තුෂාරි දිල්හානී ගණේමුල්ල, බොල්ලන ප්‍රදේශයේ පදිංචිකරිනියක් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14