17 හැවිරිදි දැරියකගේ ෆේස්බුක් ගිණුම සොරාගෙන නොහොඹිනා වැඩක් කළ දුරකථන අලුත්වැඩියාකරන්නා

17 හැවිරිදි දැරියකගේ ෆේස්බුක් ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධි කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව දුරකථන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

දින කිහිපයකට පෙර තම ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීම සඳහා අදාළ පුද්ගලයා වෙත ලබා දුන් බවයි දැරිය ප්‍රකාශ කර ඇත්තේ.

පසුව එය අලුත්වැඩියාකර පැය කිහිපයකින් යළි තමා වෙත ලබාදුන් බවත් දැරිය සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

ඒ, අනුව ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී තම ෆේස්බුක් ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් ඇති බව දැනගත් දැරිය ජංගම දුරකථනය අලුත්වැඩියා කළ පුද්ගලයාට පවසා ඇත්තේ තමන්ට නව ෆේස්බුක් ගිණුමක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් සකසා දෙන ලෙසයි.

ඉන් දින කිහිපයකට පසු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් මුදලට අලෙවි වන්නියක් බව පවසමින් වෙනත් අයෙකු විසින් පළකල පොස්ටුවක් පිළිබඳව අදාළ දැරියගේ මිතුරියන් කළ දැනුම්දීමකින් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08