ඉදිරි දින දෙක තුළ බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාලා ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන්ම වැසී යනු ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අනතුරු අඟවනවා.
ඇල්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (12) මාධ්‍යවෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
මේ වනවිට පවතින බිත්තර හිඟය හේතුවෙන් කොත්තු, ෆයිඩ් රයිස්, ආප්ප, බිත්තර රොටි, බිත්තර රෝල්ස්, කේක්, පුඩින් ඇතුළු ආහාර වර්ග කිහිපකම නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
වෙළෙඳ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු සියලු අංශ මැදිහත්ව බිත්තර සංගම් සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට වහාම විසඳා ගතයුතු බවයි ඔහු පවසන්නේ.
එසේ නොවුවහොත් ප්‍රශ්නය බරපතළ වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.




