“කාලගුණ දෙවිවරු සාදයට හරස් නොවේවා” – අවසන් මහා තරගයට ඔන්න මෙන්න තිබියදී මාලිගෙන් අමුතුම කතාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (13) මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර අවසන් මහා තරගයට පාකිස්ථානය සහ එංගලන්තය සුදුසුකම් ලබා සිටින අතර, අද දිනයේ දී උද්වේගකර අවසන් තරගයක් දැකබලා ගැනීමට හැකිවනු ඇති බවයි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසන්නේ.

අද තරග පැවැත්වෙන මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩාංගණවලින් එකක් බව පවසන මාලිංග, පාකිස්ථානය සහ එංගලන්තය එකිනෙකාට නොදෙවනි දක්ෂතාවලින් සපිරි කණ්ඩායම් දෙකක් බවයි ප්‍රකාශ කර සිටියේ.

පාකිස්ථානයේ ප්‍රබල පන්දු බල ඇණිය සහ එංගලන්තයේ එකිනෙකාට එරෙහි දිගු සහ ප්‍රබල පිතිකරණ පෙළගැස්ම අද තරගයේ තීරණය කෙසේ විසඳේවි දැයි තමන් සිතමින් සිටින බව මාලිංග පවසනවා.

සිය මුහුණු පොතට සටහනක් එක්කරමින් ලසිත් මාලිංග මේ බව සඳහන් කර ඇති අතර, එහි ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ
කාලගුණ දෙවිවරු සාදය හරස් නොවනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14