ඉන්ධන මිල සහ සැපයුම සම්බන්ධව බලශක්ති ඇමතිගෙන් යාවත්කාලීන කිරීම් තුනක්

ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් යාවත්කාලීන කිරීම් තුනක් සිදුකර තිබෙනවා.

එම යාවත්කාලීන කිරීම් තුන අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට එක්කර ඇති අතර, එම යාවත්කාලීන කිරීම් පහතින් දැක්වෙනවා.

  1. සැපයුම්කරු සමඟ නව ක්‍රමවේදයකට එකඟ වීමෙන් පසු ESPO බොරතෙල් තොග ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ විය.
  2. අප්‍රේල් මාසයයෙන් පසු ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරන ලද පළමු පෙට්‍රල් 95 ඉන්ධන තොගය ගොඩබෑම ඊයේ ආරම්භ විය.
  3. මෙම සතිය මුලදී මිල ගණන් සංශෝධනය කළ බැවින් නොවැම්බර් 15 වැනි දින තවදුරටත් ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවේ.