මහින්ද සමඟ නැඟිටින පොහොට්ටුවේ ජනරැළි මාලාව අතර මඟ නවතී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා පැවැත්වීමට සැලසුම් කළ ජනරැළි මාලාව තාවකාලිකව අත්හිටුවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පෙන්වාදීමත් සමඟ මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතරකර ඇති බවයි වාර්තා වන්නේ.

කළුතරින් ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම ජනරැළි මාලාවේ අවසන් රැස්වීම පැවැත්වුණේ පසුගිය ඔක්තෝම්බර මස 30 වනදා ආණමඩුවේදීයි.

ඒ අනුව පළමුව පාක්ෂිකයන් ගැන බලා පක්ෂය සංවිධානය කිරීමෙන් අනතුරුව මෙම ජනරැළි මාලාව ඉදිරියට පත්වාගෙන යාම වඩා සුදුසු බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?