විස්සයි විස්ස රජුන් කිරුළු පළඳින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය තවත් හෝරා කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරග සඳහා එංගලන්තය සහ පාකිස්ථානය සුදුසුකම් ලබා සිටින අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගයට බොහෝ දුරට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවට කාලගුණ අංශ මීට දින කිහිපයකට පෙර සිටම අනාවැකි පළකර තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සැළකිල්ලට ගනිමින් අවසන් තරගයේ අමතර කාලය වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (13) දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ප්‍රතිශතයක පවතින බවයි කාලගුණ වාර්තාවල දැක්වෙන්නේ.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් හෙට (14) දිනය තරගය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙස නම්කර තිබෙනවා.

හෙට දිනයේදීත් මෙල්බර්න් නුවරට වර්ෂාව පතිතවීමේ වැඩි අවස්ථාවක් පැවතීම හේතුවෙන් එදිනට ලබාදෙන අමතර කාලය ද පැය 04 දක්වා වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

අවසන් මහා තරගයේ දී කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කළ යුතු වනවා.

අද දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය අතර මඟ නතර කිරීමට සිදුවුව හොත් හෙට දිනයේ දී, තරගය නතර කළ තැන සිට ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අතිරේක දිනය වන හෙට (14) දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එංගලන්තය සහ පාකිස්ථානය මෙවර විස්සයි විස්ස සම ශූරයින් ලෙස නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර මෙවර අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා නියෝජනයන් දෙකක්ද සිදුවන අතර, අද තරගයේ දී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14