විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු නිලාවේලි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.
සැකකරු අද (12) දිනයේ දී ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මේ අතර ඔබත් මෙවැනි මුදල් වංචාවන්ට හසුව ඒ සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් සිදුනොකළ හෝ තොරතුරක් ලබා නොදුන් පුද්ගලයෙකු නම් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.




