2030 ආරක්ෂාව සම්බන්ධව රජය වැඩි අවධානයක් යොමුකරන හේතුව ජනපති පහදයි

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ඒ සඳහා වන ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (11) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදුනොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අද අප ජීවත්වන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප ඉපදෙන විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබූ අතර ඉන්දියන් සාගරය පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබූ බව ද සිහිපත් කළා.

නාවික ගමනාගමනය නිදහසේ සිදුකළ නොහැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා භාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණියහොත් සිදුවන්නේ කුමක්දැයි ද මෙහිදී විමසා සිටියා.

2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමෙන් හෝ මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකී වූ අවස්ථාවේ අත්දැකීම් ද සිහිපත් කළ ඔහු, අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවක දී වුව ද භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතින බව පෙන්වා දුන්නා.

අන්‍ය පාර්ශවයන්හි ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපා හැකි නමුත් එහිදී දේශපාලන සහ රාජ්‍යතාන්ක්‍රික නිපුණතාවන් මෙන්ම හමුදා කුසලතාවන් භාවිත කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමෙන් හා මුහුදෙන් ගමන් කිරීමට ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වගබලාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියා.

සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වඩා ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර සමාජීය විෂයන් සඳහා වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් කුරුණෑගල ආරම්භ කිරීමට තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් දුන් බව ද පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14