පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමේ නව වැඩ පිළිවෙලක්

පාසලේ පළමු වසරේ සිට දරුවන් තුළ ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා සියලු පළාත් නියෝජනය වන අයුරින් රජයේ පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවරුන් 13,500කට ආසන්න පිරිසක් පුහුණු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පුහුණු කිරීම් කටයුතු සිදුකරනු ලබනවා.

මේ අතර ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පෙළ පොත්වල පවතින ව්‍යාකරණ දෝෂ පිළිබඳව පසුගියදා රැස් වූ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේ දී අවදානය යොමු වුණා.

එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වූ අතර, විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලාවන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම පිළිබඳව ද මෙහිදී සකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?