ගම්පහ ප්‍රදේශ රැසකට පැය අටක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

හෙට (13) පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය පැවසුවේ.

ඒ, අනුව පෑලියගොඩ, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකරනවා.

එමෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?