ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වුව ද බස් ගාස්තුවල වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කරනු ලබන සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළ දැමීමටයි කටයුතු කළේ.
ඒ, අනුව සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25.00කින් ද මිල ඉහළ දමනු ලැබුවා.
කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යළිත් මෙවැනි ආකාරයේ ඩීසල් මිල ඉහළයාමක් සිදු වුවහොත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




