මැති ඇමැතිවරුන් 92ක් සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් එක්කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වන අතර, ඉන් රුපියල් ලක්ෂ 52කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් 72 කගෙන් අය නොවී පවතින ශේෂය බව සඳහන්.
මේ අතර සමුළු නිවාස සහ කැප්පිටිපොල නිවාස ලබාගත් 97කගෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දිනට අය විය යුතුව තිබූ බවට ද අනාවරණය වී තිබෙනවා.
ඉන් ජයවඩනගම නිවාසවල පදිංචිව සිටි 24 දෙනෙකුගේ 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නයි.
2012 වසරට පෙර සිට 2020 වර්ෂය දක්වා 21දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූඅට ලක්ෂයක් බවයි විගණනයේදී අනාවරණය වී ඇත්තේ.




