කන්දකාඩුවෙන් පැනගිය රැඳවියෙක් ජීවිතක්ෂයට

වැලිකන්ද – කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටි රැඳවියෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ රැඳවියා අද (12) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

පසුගිය 07 වනදා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කළහකාරී සිද්ධිය අතර තුර මෙම පුද්ගලයා ද පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති බවයි අනාවරණය වුණේ.

පසුව ඔහු ත්‍රිකෝණමඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ වැටී සිටියදී ආරක්ෂ අංශ විසින් සොයා ගැනීමෙන් අනතුරුව ඊයේ (11) රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල, රත්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.මොහාන් කුමාර නමැති අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණ අද (12) සිදු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දා ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පැනගිය රැදවියන් 11දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?