ලංවිම රැකියාවක් පෙන්වා මුදල් ගසා කෑ යුවළක් මාට්ටු

රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචාකළ අඹුසැමි යුවළක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර යුවළ ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් රුපියල් 768,300ක මුදලක් සිය බැංකු ගිණුමක් වෙත බැර කරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මුදල් ලබාගෙන රැකියාව ලබානොදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ සැකකාරිය ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 33 හැවිරිදි වියේ පසුවන අතර, සැකකාරිය 27වන වියේ පසුවන තැනැත්තියක්.

ඔවුන් පසුගිය මාර්තු මාසයේ සිට අවස්ථා කිහිපයක දී දුරකථනයෙන් අමතා ඔවුන්ගේ බැංකු ගිණුමක් වෙත අදාළ මුදල් බැර කරගෙන ඇති බව පැමිණිලිකරු පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අද (12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?