20-20 අවසන් මහා තරගය වර්ෂාවට සේදෙන ලකුණු

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් කවුරුන්දැයි තෝරා ගනු ලබන අවසන් මහා තරගය ලබන ඉරිදා (13) ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය සඳහා එංගලන්තය සහ පාකිස්ථානය සුදුසුකම් ලබා ඇති අතර, තරගය පැවැත්වෙන්නේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

කෙසේ වෙතත් ලබන ඉරිදා දිනයේ දී මෙල්බන් නගරයට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ වාර්තාවල දැක්වෙනවා.

මෙලෙස අවසන් තරගය පැවැත්වෙන දිනයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අවසන් මහා තරගය අතිරේක දිනයකට යොදා ගැනීමට සිදුවන අතර, ලබන සඳුදා (14) එලෙස යොදා ගන්නා අතිරේක දිනය වනවා.

අතිරේක දිනය ලෙස යොදා ගන්නා ලබන සඳුදා දිනයේදී ද වැසි ඇති විය බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇති අතර, අවාසනාවකට හෝ එදිනත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් කාසිය වාසිය උරගා බැලීමෙන් මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් තෝරා ගැනීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58