එතනෝල් ආනයන බද්ද යළි ඉහළට

විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මෙම බද්ද ඉහළ දැමීම තුළින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම හේතුවෙන් මෙම එතනෝල් බද්ද 2020 වසරේ අවස්ථා දෙකක දී පහත දැමුණා.

එලෙස පහත දැමුණු බද්ද සාමාන්‍ය මට්ටමට ගෙනඒම මෙහිදී සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25.00ක සුරා බද්ද රුපියල් 50.00ක් දක්වා යළි ඉහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?