මිනුවන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එකම පවුලේ තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මේ අතර අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඊයේ (10) දහවල් පදවිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

සැකකරු ඔහුගේ මිතුරෙකුගේ පදවිය, 18 කණුව ප්‍රදේශයේ පිහිටි නිවසක රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගුවන් හමුදාවේ මීට පෙර සේවය කර ඇති මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

ඩුබායිවල සිටින සිය මිතුරකුගේ උපදෙස් අනුව සැකකරු විසින් මෙම ඝාතනයන් සිදුකළ බවට අණාවරණය තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06